හර්ෂණ ඇතුලට ! කාවින්ද ගෙදරට…..

0
79

kavinda 1

අප විසින් ඉතා නිවරදිව කියා සිටි පරිදි ගම්පහ දිස්ත්‍රික්කය තුල ප්‍රබල දේශපාලන පදනමක් ගොඩනගාගෙන සිටි හර්ෂණ රාජකරුණා  තරුණ නායකයෙකු  ලෙස මනාප අතරට පැමිණ පාර්ලිමේන්තු යද්දි ,අවස්ථාවාදය දේශපාලනය කරගත් කාවින්ද ජයවර්ධනට ගෙදර යන්නට සිදුව තිබේ.
දැනට වාර්ථා වි ඇති නිල නොවන මනාප ප්‍රථිපල වලට අනුව හර්ෂණ රාජකරුණා මනාප සටනේ දෙවන තැනට පත්වෙමින් තිබේ.
මීගමුවේදි රන්ජන් රාමනායකට මනාපයක් දෙන්නට තරම් කුහකවි තිබුණ කාවින්දට මනාප අතර පැමිණිමට නොහැකි වුවුද රන්ජන් මනාප වලින් පළමු තැනට පැමිණිම දෛවයේ සරදමක් වැනිය.
කාවින්ද ජයවර්ධනගේ කප්පම් දේශපාලනයත් ඩීල් දේශපාලනයත් විසින් මිගමුව දැවැන්ත දේශපාලන පසුබෑමකට ලක්කර තිබුණි.පමා වි මැතිවරණ සටනට අවතිර්ණ වු එජාප මිගමු ආසන සංවිධායක රොයිස් විජිත කියා තිබුනේ මිගමුව දේශපාලනිකව නන්නත්තාර කළ කාවින්දව මෙවර ගෙදර යැවිම සිය අංක එකේ අරමුණ බවය.
සැබැවින්ම දැන් කාවින්ද ගෙදර ගොස් තිබේ.