හරිස්චන්ද්‍රයේ දරුවන්ට සාහිත්‍ය කලා රසය බෙදූ මීපුර සාහිත්‍ය කලා මහෝත්සවය 

0
12

 

සාහිත්‍ය මාසය නිමිත්තෙන් ,මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , වාර්ෂිකව සංවිධානය කරන ” මීපුර සාහිත්‍ය කලා මහෝත්සවය ” අද  එනම් 2024/09/27 වැනි දින පැවැත්විනි.  අද පෙරවරුවේදී මෙම උත්සවය මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී සිසු දරු දැරියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවය සඳහා  ශාස්ත්‍රපති පණ්ඩිත ගරු විජිත ස්වාමින් වහන්සේ, හරිස්චන්ද්‍ර විද්‍යාලයේ සහකාර විදුහල්පති ගරු හීනටියන ඥානසිරි ස්වාමින් වහන්සේ,  හරිස්චන්ද්‍ර විද්‍යාලයේ විදුහල්පති විමුක්ති දේශප්‍රිය මහතා සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු පිරිසක් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස සහභාගී වූ සම්මානනීය රංග ශිල්පී ඉෂාර වික්‍රමසිංහ මහතා මෙරට බිහි වූ සොකරි, කෝලම් සහ නාඩගම් ඇතුළු නාට්‍ය කළා සම්ප්‍රදායන් නාට්‍යංග අනුසාරයෙන් ඉදිරිපත් කරමින් ⁣ඉතා හරවත් දෙසුමක් පැවැත්වීය.

එලෙසම මීගමුව ප්‍රදේශයේ රංග ආයතනවල සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ නර්තනාංග කිහිපයකින්ද මෙම උත්සවය හැඩ වැඩ විය. එලෙසම හරිසචන්ද්‍ර විද්‍යාලයේ දරු දැරියන් ඉදිරිපත් කළ නර්තනාංගයද මෙම උත්සවයේ කැපී පෙනෙන නර්තනාංගයක් විය. තවද දලුවකොටුව, ශාන්ත ජූඩ් ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ ,සාමාජික සාමාජිකාවන් ඉදිරිපත් කළ කෙටි වේදිකා නාට්‍යයද කාගෙත් සිත් ගත් අංගයක් විය.
මෙම සාහිත්‍ය උත්සවය සඳහා මීගමුව පුරවරයේ කලාකරුවන්,  සිසු දරු දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක්  සහභාගි වූහ. එමෙන්ම මෙම සාහිත්‍ය උත්සවය අවසානයේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මේ වසරේ පැවැත්වූ සාහිත්‍යය තරඟ වලින් ජයග්‍රහණය කළ මීගමුව පුරවරයේ කලාකරුවන්ට සහ සිසු දරු දැරියන්ට සහතික පත් සහ  ත්‍යාග පිරිනැමීමද සිදුවිය.

හරිස්චන්ද්‍ර විද්‍යාලයේ විදුහල්පති විමුක්ති දේශප්‍රිය මහතා