හලාවත ඇන්ටනිව ඝාතනය කළ කෙනෙක් නෑ.නඩු තින්දුව ප්‍රකාශවෙයි

0
84
antonyantony 2Antani
රජය විසින් ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව හලාවතදි සිදුකළ ධීවර උද්ඝෝෂණයක් අවස්ථාවේදී සිදුවු වෙඩි තැබීමකින් මියගිය හලාවත ධීවරයාගේ මරණයට හේතුව සාවද්‍ය මිනිස් ඝාතනයක් බවට හලාවත දිසා විනිසුරු ජගත් කහඳගම මහතා 04 වැනිදා සවස තීන්දු කර ඇත.
2012 වසරේ පෙබරවාරි මස15 වැනි දින සිදුවු මෙම වෙඩි තැබීමෙන් හලාවත , වැල්ල පදිංචිව සිටි ඇන්ටනි ප්‍රනාන්දු නම් වූ දෙදරු පියෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ලැබූහ.මින් එක් අයෙකු මීට මාස කිපයකට ඉහතදි සිවිදිවි හානිකරගෙන තිබුනේ ජිවත්විම පිළිබදව පැවැති අර්බුදය නිසා බව වාර්ථා විය.
2012  වැනි දින ධීවරයින් විරෝධතා දැක්වීමට සුදානම් වන බවට ලද තොරතුරු අනුව හලාවත නගරයේ සහ අවට ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණි. හලාවත , වැල්ල ප්‍රදේශයට එකතු වූ ධීවරයින් හලාවත නගරය කරා ගමන් කරමින් සිටින විට ඔවුන් වැලැක්වීමට පොලීසිය උත්සහ කළ විට විරෝධතාකරුවන් විසින් පොලීසියට ගල් මුල් ප්‍රහාරයක්ද එල්ල කරන ලදි.එම අවස්ථාවේදී සිදුකළ වෙඩි තැබීමකින් ඇන්ටනි ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කළ අතර ඇන්ටනි ප්‍රනාන්දු මහතා එහිදී මිය ගියේය.
මේ සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව හලාවත අධිකරණය හමුවේ නඩු පවරන ලදි. නමුත් චුදිතයෙකු නම් කර තිබුණේ නැත.