හලාවත ඇන්ටනිව ඝාතනය කළ මිනිමරුවන්ගේ කරේ අත දාගත්තු ධිවර නායකයෝ කව්ද ?? ?

0
162

දී

භූමිතෙල් මිළ ඉහල දැමීමට එරෙහිව ධීවරයින් ගෙන ගිය අරගලයේ දි වෙඩිවැදි මියගිය හලාවත ඇන්ටනීගේ දේහය

හලාවත ඇන්ටනිට වෙඩි තබා ඝාතනය කළ කළේ මිනිමරු රාජපක්ෂ කල්ලියයි.එකි මිනිමරු මිනිමරු රෙජිමයේ මිගමුවේ අංක එකේ නියෝජිතයන් කව්දැයි අද රටම දනි.
මීගමුවේ ධිවරයෝ තෙල් සටනේදි සතියක් පුරා මුහුදු නොගොස් සිය විරෝධය පළකරන ලදි.
මේ බොහෝ අරගල එදා සංවිධානය කිරිමට මුල්වුයේ මීගමුවෙ එක්තරා සංවිධානයකි.
එහෙත් අද මේ සංවිධානයේ ඇතැම් නායකයන් කිසිදු ලැජ්ජාවකින් තොරව හලාවත ඇන්ටනිලාව ඝාතනය කළ මිනිමරු රාජපක්ෂ කල්ලියේ කරේ අත දාගෙන ඇත.
එය ලංකාවේ ධිවර අරගල ඉතිහාසයේ මහාපවාදිමයි.

ඇන්ටනිගේ දුව

ඇන්ටනිගේ දුව

සටන් කොට මිය ගිය සගයන් අමතක කර පවා දිය හැකි නම් ඒවැනි අයට තවත් කළ නොහැකි පවාදිමක් නැත.
ලංසා පවුලේ කාසි පොදිවලට වහවැටුන ප්‍රතිපත්ති නැති ඇතැම් ධිවරය නායකයන් යැයි කියා ගත් පිරිස් මේ ගෙන ඇති තින්දුව ගැන මීගමුවේ ප්‍රතිපත්ති ගරුක ධිවරයන් තුල මෙන්ම ධිවර අරගලයන්හිදි සැමදා එක්ව සිටි ඇතැම් කතෝලික පියතුමන්ලාගේද මහත් වු පිළිකුලක් මේ පිරිස වෙත දැන් එල්ල වි තිබේ.
වඩාත් විහිළුව වන්නේ යළිත් තෙල් මිල ඉහල ගොස් තිබෙන විටදි ධිවරයන්ව පාරට බස්සනවා යැයි කියා මාධ්‍ය වලට වොයිස් කට් දෙන්නේද එදා පාරට බැස්ස ධිවරයන්ට තග දැමු සහ වෙඩිතබා මරාදැමු රාජපක්ෂ හවුලේ මිගමුවේ නියෝජිතයන්ය.
එබැවින් සැබෑ ධිවර නායකයන් මේ අවස්ථාවේ අරගල පාවා දෙන නාවරයන් කව්දැයි හදුනා ගත යුතුව තිබේ.
මැක්ෂිමස් ඇන්ටනි  ප්‍රනාන්දු -හලාවත