අනුකම්පා එපා ඔබෙන් මට
දෙපය නැති උනත් පෙර කල පවට
හයිය තියෙනව තවමත් හිතට
හිගා කා හෝ රුපියලෙන් රුපියලට
පන ගැහෙන හිතේ හයියෙන්
පන දෙන්න දෙපය අහිමි ජීවිතයට
රජ මාලිග තනන්නට නෙමෙයි
හිගන්නේ අසරණ කමට
සමාවෙලා මගෙ දුප්පත්කමට
කාසියක් දීල යන්න
කිරි බිදකට …. දරු පැටවුන්ට
ඡායාරූපය – දිල්ෂාන් තිසේරා
සටහන – ඩිලා