හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාවට වසරකට කෝටි 32

0
97
(4.30 pm ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 32 කට වැඩි වැය බරක් දරන බව පොලිස් මූලස්ථානය මාධ්‍ය

නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරීම සඳහා අනුයුක්ත කර සිටින පොලිස් නිලධාරීන්ගේ වැය බර වාර්ශිකව රුපියල් මිලියන 1100ක් වන බව නිරීක්ෂණය වී ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ දක්වා තිබේ.

වත්මන් රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පත් කර ඇති කමිටුව මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තක්සේරු වාර්තා සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය දරන වැය බර සමාලෝචනයට ලක් කර ඇත.

ඒ අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 ක් දක්වා සංශෝධනය කර පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ සාමාන්‍ය රාජකාරිය සඳහා නිලධාරීන් 24,000 කගේ ඌණතාවක් පවතින බවත් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ප්‍රභූ ආරක්ෂක රාජකාරිය යොදවා සිටි 2000 ක පමණ නිලධාරීන් සංඛ්‍යාවක් සාමාන්‍ය රාජකාරී සඳහා මීට පෙර යොදවා ඇති බවද පොලිස් මූලස්ථානය සිය නිවේදනයෙන් කියා සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා සිටින බැවින් මහින්ද රාජපක්ෂ ගේ ආරක්‍ෂාවේ කිසිදු බිඳ වැටීමක් සිදුවී නොමැති බව නිරීක්ෂණය වන බවද පොලිස් මූලස්ථානය පවසයි.

theleader.lk

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here