හිටපු ධීවර නියෝජ්‍ය ඇමතිගේ පුද්ගලික ලේකම් ජනාධිපති විමර්ශන ඒකකයට කැදවා ප්‍රශ්ණ කරලා?

0
142

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතාගේ  පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සිය දියණියගේ  ස්වාමිපුරුෂා වන චමින්ද යන අය ජනාධිපති විමර්ශණ ඒකකය මගින් පසුගිය දිනක කැදවා ප්‍රශ්ණ කර ඇතැයි වාර්ථා වේ.
ඒ පසුගිය කාලය තුල ධීවර අමාත්‍යංශයේ සිදුවු මුල්‍ය වංචාවක් සම්න්ධයෙන් යැයි කියැවේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා කියා සිටියේ පසුගිය රජය සමයේ ජනාධිපතිවරයා මීගමුවට පැමිණි උත්සවයක් දේශපාලනික වැඩසටහනක් බවට පත්කර ගෙන ඇතැයි යන චෝදනාවක් පදනම් කරගෙන ධීවර අමාත්‍යංශයේ නිළධාරින්ගෙන් ප්‍රශ්ණ කිරිමක් සිදුව ඇති බවය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ  තම පක්ෂයේ නායකයා සහ ජනාධිපතිවරයාට එරෙහිව මීගමුවේ ප්‍රබලයෙක් මේ කාරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙන්නට ගොස් ඇතැයි තමාටද වාර්ථා වි ඇති බවය.එමෙන්ම පසුගිය සංවර්ධන කමිටු රැස්විමේදි එජාප ආසන සංවිධායක සහ මීගමුව එජාප සංවිධායක විසින් මීගමුව මහනගර සභාවේ වංචා දුෂණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නට යෙදුන ලැයිස්තුව ගැන තමන්ද ලැජ්ජාවට පත්වන්නේ යැයිද එහි සිටි නිළධාරින් පවා එය අනුමත කළේ යැයි හිටපු ඇමතිවරයා කියා සිටියේය.sarath

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here