හිටපු නාගරික මංතී‍්‍ර මාර්ක් සුජිත් ඇතුළු සැකකරුවන් නොවැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරයට.

0
38

 

මීගමුව, කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි මස 10 වැනි දින කඩුවකින් පහර දී ඝාතනය කෙරුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් වන තවත් නඩු වාරයක් පසුගිය ඔක්තෝබර් 24 වැනි දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත‍්‍රාත් දුලානී වීරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී එම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වූ මීගමුව මහා නගර සභාවේ හිටපු ආන්ඩු පක්ෂ නගරික මංතී‍්‍රවරයෙක් වූ මාර්ක් සුජිත් නැමැත්තා ඇතුළු සෙසු සැකකරුවන් සිවි දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබුනු අතර විනිසුරුවරිය විසින් ලබන නොවැම්බර් මස 07 වැනි දින මෙම නඩු විභාගය පැවැත්වීමට දින නියම කරන ලදී. එදින දක්වා සැකකරුවන් පස් දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිනි.

සැකකාර හිටපු නාගරික මන්ත්‍රිවරයාගේ බිරිද වන රෙමෝනා ලංසා මහත්මිය අද දින මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරියක් ලෙසින් දිවුරුම් දුන්නාය.