හිරගෙදර කල්දේරම් බතේ රහබලන්න ඇමතිණියටත් අවස්ථාවක් ..

0
177

FB_IMG_1600696633910රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිරකරුවන්ගේ කල්දේරම් බතේ රස බලයි…

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා සිරකරුවන්ගේ කෑමවල රස බැලීමට කටයුතු කලාය.

පල්ලෙකැලේ එළිමහන් සිරකදවුරේ නිරීක්ෂණයට එක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සිය නිරීක්ෂණය අතරතුර රැදවියන්ට ආහාර ලබාදෙන මොහොතේ ඇය විසින් එම ආහාර රස බැලීමට කටයුතු කලාය. තමන්ට රැදවියන්ගේ ආහාර වේල සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් ඉල්ලීම් ලැබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සදහන් කලාය.

එහිදී ඇමතිතුමිය විසින් බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ රැදවියන්ට ලබාදෙන කෑමවේල සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසයි. සිරකරුවන්වුවද මනුෂ්‍යයන් ලෙස සලකා කටයුතු කිරීම වැදගත්වන බවත්, ඔවුන් යහපත් පුරවැසියන් කර සමාජගත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සැමගේ යුතුකම හා වගකීම බවත් රාජ්‍ය ඇමතිනිය මෙහිදී සදහන් කර සිටියාය.

මෙම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, කොමසාරිස් පුනරුත්ථාපන චන්දන ඒකනායක, කොමසාරිස් බුද්ධි මෙහෙයුම් ටී.අයි උඩුවර, රාජ්‍ය ඇමතිනියගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන උදාර තීක්ෂණ ද සිල්වා සහ හරිත සොයිසා යන මහත්වරු සමග පල්ලෙකැලේ එළිමහන් බන්ධනාගාරයේ අධිකාරී විජය තෙන්නකෝන් මහතා එක්විය.