” හිරු ”නාලිකාවට මඟහැරුණු කොස් රංජිගේ ජිවිතය…. ??

0
109

KR 2KR 4කටුනායක හා මීගමුව අවට ප්‍රදේශ වල සිය සුකරුත්තන් පාපැදියෙන් කොස් විකුණමින් සිය ජිවිකාව සරිකරගත් කොස් රංජි ගැන මුළු ලංකාවම දැනගත්තේ හිරු ටි.වි නාලිකාව තුලිනි.
ඒ කොස්ගෙන යාම සදහා සිය පාපැදියේ සවිකර ඇති යකඩ කුඩුවේ සිය පණටත් වඩා ආදරය කර පුතුණුවන්ව දමාගෙන යද්දි එය ගැන විමසිලිමත්වු කිසියම් අයෙක් ඒ අවස්ථාව රූපගතකර හිරු තුලින් විකාශය කරගැනිමත් සමගින්ය.
ඒ පුවතට අනුව කොස් රංජි බිමතින් දරුවෙකු යකඩ කූඩුවක් අස්සේ දමාගෙන යන නොසන්ඩාල පියෙකි.එය දුටු බොහොමයක් දෙනා කොස් රංජි දෙස බැලුවේද ඒ පුවත ගැන කථා කළේද තරහවකිනි.
තප්පර කිපයක රූපරාමු මත ආවරණය කරගනු ලැබු පුවතට එහා ගිය රංජිගේ ඇත්ත ජිවිත කථාවත් එදින එකි සිදුවිමේදි මේ රටේ සාමය හා නිතිය සුරැකිය යුතු පොලිසිය විසින් සිදුකරන්නට යෙදුන දේත් හිරුගේ ආවරණයෙන් සදහම ගිලිහි ගොසිනි.
එසේ ගිලිහුණු කොස් රංජිගේ ජිවිතය ගැන අප  ඊට පෙර සහ පසුව පළකරන ලද පුවත් කියවිමෙන් පසු ලැබුනු පාඨක ප්‍රතිචාර වලින් කියවුනේ මීපුර වෙබ් අඩවියේ එවැන්නක් පළ නොකළේ නම් හිරු විසින් රටට කි තප්පර 50 හේ කථාව පමණක් තමන්ද විශ්වාස කරන බවය.
කොස් රංජි සිය දරුවාව පෙර පාසැලට ඇතුළු කිරිම සදහා සිට්ටුවක් දමා එකතුකරගත් රු 15000 ක මුදල එදින සිදුවිමේදි අතුරුදහන්ව ඇත.
එමෙන්ම නොකියා ජංගම දුරකථනයද කව්රුන් හෝ අරගෙනය.
පොලිසිය මේ ගැන දැනගතයුතු බව රංජිගේ විශ්වාසයි.
එදින සිදුවිමේන් පසු සිය දරුවාද ඔහු ට අහිමිය.
ඒ ළමා හා කාන්තා කාර්යංශයේ නියෝගයක් මත සිය දරුවාව කොස් රංජිගේ සහෝදරියකට භාරදිමට ලබා දි තිබුණ නියෝගය හේතුවෙනි.
කොස් රංජිගෙන් කොස් මිළට ගත් සිය පාරිභෝගිකයන් පවා තමන්ගෙන් කොස් ගැනිම යම්කාලයකට නවතා තිබුණ බව කොස් රංජි කියයි.
…..මේ රස්සාව හරි දුෂ්කරයි මහත්තයෝ මම ගහට නැගලයි කොස් කඩාගන්නේ .හැම ගෙඩියක්ම මේ ලණුවෙන් ගැටයක් දාල සිරුවෙන් බානවා.
ඒ ගැටේ ගහ උඩඉදන්ම ලිහන සිස්ටම් එකක් මගේ තියෙනවා. ඒ හින්ද ඒ ඔක්කොම මට තනියෙන් කරගන්න පුළුවන්.
දැන් කොස් ඉවරවේගෙන යන්නේ ඉස්සරහට එන්නේ පැහි කාලේ . ඒත් කොස් තියෙන ගස්වල පැහි රහ නෑ.පැහි විතරක් තියෙන ගස්  හොය හොය මම පදිනවා.
ගැණි දාල ගියේ මම කොස් විකුණනව කියල. මට ඕනේ මගේ දරුවව හොදට හදල හොද තැනකට ගේන්න. එතකොට දාල ගිය ගැණිටත් තේරෙයි මම දරුවව අතහැරියේ නෑ කියල…..KR 1
කොස් රංජි අද උදේ අපේ ගෙවල් ඉස්සරදි ඒ කියපු දේවල්වලට කඩහඩ ආයේ හිරු නාලිකාවෙන් ලැබනේනේ නැති නිසා අපේ පාඨකයොත් එක්ක අපි ඒක බෙදාගත්තා…..
http://www.meepura.com/stories/hiru-news-%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%9C