හෙට සිට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනිමට අවස්ථාව උදාවේ .

0
147
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් ලක්ෂ 6 ක පමණ ජනතාවක් පසුගිය කාලය තුල වඩාත් අවධානම් තත්වයක සිටි අතර එ සැමට යම් සතුටුදායක පුවතක් මේ වන විට ලැබි තිබේ.ඒ ජපානය කොවැක්ස් වැඩසටහන හරහා ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද(31) සවස ශ්‍රී ලංකාවට ලැබෙන බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇති බැවිනි.

මෙසේ ලැබෙන එන්නත් මේ වන විට පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන සිටින පිරිසට ලබා දීමට නියමිත අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහනට යොමු කෙරෙනු ඇතැයි වාර්තා වේ.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයින්ට හෙට(01) කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේදීත්, අනිද්දා(02) බත්තරමුල්ල, දියත උයන සහ කොළඹ, විහාර මහා දේවී උද්‍යානයේදීත් දෙවන මාත්‍රාව ලබා ගැනීමට හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබුනි. ගම්පහ දිස්ත්‍රික්කයේද විශාල පිරිසක් සිය දෙවන මාත්‍රාව ලබාගැනිමට බලපොරොත්තුවෙන් සිටි.

මිගමුවද ඇතුළු බොහෝ තැන්වලදි සිදුව අක්‍රමිකතා ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාදිමේදි අදාල සිදුනොවිමට අදාල බලධාරින් කටයුතු නොකරන්නේ නම් දෙවන මාත්‍රාව ලබාගැනිමට බලා සිටි ජනතාවට විශාල ආසාධාරණයක් සිදුවිම අනිවාර්යයකි.