හෙරොයින් මෙරටට ගෙන ආ පුද්ගලයෙකුට මීගමුව මහාධිකරණයෙන් මරණ දඩුවම.

0
119

දැනට වසර පහලවකට පෙර පාවහන් යුගල තුල ඉතා සුක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් 320ක් සගවා ගෙන මෙරටට පැමිණි පුද්ගලයෙකුට පෙරේදා 13 වනදා මිගමුව මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය මරණ දඩුවම නියම කලාය.
මෙලෙස මරණ දඩුවම නියම වුයේ ගලහේවාවත්ත බුලත්සිංහල පදිංචි පෙරුමල් කනේෂන් නැමති 41 වියැති පුද්ගලයෙකුටය. මෙම පුද්ගලයා ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපොලෙන් පාවහන්වල ඉතා සුක්ෂම ලෙස සගවා හෙරොයින් ගැම් 320ක් මෙරටට රැගෙන ඒමේදී කටුනායක ගුවන්තොටුපොලේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් 2001-12-18 දින අත් අඩංගුවට ගෙන තිබුනි. පසුව ඇප මත මුදාහැර සිටි චුදිතයා අධිකරණය මග හරිමින් සිටි ඇති අතර චුදිතයාට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුනි.
චුදිතයා නොමැතිව  එවකට මහාධිකරණ විනිසුරු සී.එම්. ටි. එම්. පී. යු. තෙන්නකෝන් මහත්මිය නඩුව විභාග කර 2008-7-23 දින මරණ දණ්ඩනය නියම කර තිබුනි.  පසුව චුදිතයා නැවත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිමෙන් අනතුරුව නැවතත් නඩුව වර්ථමාන මහධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය ඉදිරියේ විභාගයට ගෙන පෙර මරණ දඩුවම එලෙම නැවත නියෝගය දෙනු ලැබිය.

මරන

පියපේම රුපංජන