හෙලන්කා සපත්තු වල ප්‍රමිති ගැටළු රැසක් ?

0
528

මිගමුවේ තියෙන ප්‍රධාන සපත්තු කඩයක් තමයි හෙලන්කා කියන්නෙ .තට්ටු ගානක්ම සපත්තු වලින් පිරිලා.

අපි දවසක් ගියා හෙලන්කා එකට සපත්තු ගන්න.ටික කාලයක් පාවිච්චි කරන්න පුලුවන් සපත්තුවක් ගන්නයි බැලුවේ කිව්වම එතන හිටපු කෙනෙක් කිව්ව මේක ගන්න සෑහෙන කාලයක් දාන්න පුලුවන් කියල.ගාන රුපියල් 7000කට වැඩියි.

කමක් නැ කාලයක් දාන්න පුලුවන් නම් කියල ගත්තා.ඒ ගත්තේ මේ අගෝස්තු වල.

දැන් මාස දෙකක් නැ.එක දිගටම ⁣ඒ සපත්තු දෙක දැම්මෙත් නැ.නමුත් දැන් අඩිය ගෙවෙන්න පටන් අරන්.

ඉතින් ඇයි මෙච්චර බොරු කියල බඩු විකුණන්නේ.

විදෙස් රටවල ඉන්න ලංකාවේ අයත් එනවනේ මෙතෙන්ට .දැන් ඒ අයත් හුඟදෙනෙක් කියන්නේ අපෝ හෙලන්කා නම විතරයි බඩු අජපල් කියල.

ප්‍රමිතියක් නැති සපත්තු සුපිරිම ඒවා දැම්මොත් එකයි ආයේ කා⁣ලෙකට ගන්න ඕනි නැ වගේ බොරු බේගල් නම් කියල පාරිභෝගිකයව රවට්ටන්න එපා.