හොරබඩු,ගංජා,කුඩු,බඩුපොට්, SPA නැති පැත්ත එරික්ට ….

0
179

පොලිසියේ නිළධාරියෙක් ගැන මෑතක ෆේස් බුක් කැම්පේන් එකක් ගියානම් ඒ එරික් ගැන වෙන්න ඕන. ඒක ඇද්දේ වාසියන්ස්ලා.
මෙහෙ අය විතරක් නෙමෙයි පිටරටවල අයත්.
කොහොම උනත් හරියට රාජකාරි කරන කොයි නිලධාරියා ගැනත් අගේ කරන්න ඕනා ආරක්ෂා කරගන්න ඕන .එහෙම සංස්කෘතියක් මේ රටේ හදන්න ඕනා. ඒත් ඒක එහෙමම නෑ.
දැන් දේවානිල පරිසරය බේරගන්න කෑගහපුවාම අඩුම තරමේ කලපුව රකින්න ඕන කියල කියන මිනිස්සු හරි සංවිධාන හරි පාරට ආවද ? නෑ.
දේවානි තරම් විභාග පාස් නොකරපු ලංසල දේවානිට පිස්සු ගෑණියෙක් කියද්දි මිගමුවේ පරිසරවේදියෝ සිවිල් සංවිධාන බෝඩ් අරන් පාරේ හිටගත්තද ?
නෑ .
තිත්ත වුනත් ඒක තමයි ඇත්ත.


දැන් එරික් පෙරේරා රාජකාරි පටන් ගත්ත කියල එයාම ෆේස් බුක් පිටුවේ සටහනක් දාල තිබුනා. ඒක ගැන ආයෙත් වෙබ් වල ෆේස් බුක් පිටුවල දැන් කථා වෙනවා.
හැබැයි එරික් පෙරේරා වෙන්නප්පුවේ කරපු දේවල් මිගමුවේදි කරනවා තියා හිතන්න වත් බැරි වෙන තැනකට දාන්න පොලිසියේ ඉහල මහත්තුරු කොහොම උනත් කටයුතු කරල තියෙනවා.


ඒ මොකද මිගමුවේ හොරබඩු, බඩුපොට්, මසාජ්, කුඩු ,ගංජා මර්මස්ථානයට ඇගිලි ගහන්නවත් දැන් එරික් පෙරේරාට බෑ.
මොකද මර්මස්ථානය කලු සල්ලි පවුල් වෙනුවෙන් ආරක්ෂා කරල දෙන්න බැදිල ඒකට පේවිලාම ඉන්න ඈයෝ පිරිසක් ඉන්නවා .
එයාල ඒව එරික්ල වගේ අයට දෙන්න ලැස්ති නෑ.
ඒ ඇයි කියල අපටත් වඩා හොදින්ම එරික්ල දන්නව


ඒ හින්ද එරික්ට තියෙන්නේ සිදුව කටුනායක ගුවන්තොටුපල පැත්ත බලාගෙන සාමකාමි රාජකාරි පාරක් දාගෙන ඉන්න එක…
ඒ හින්ද වෙන්නප්පුවේදි දැකපු එරික්ව දැන් මිගමුව පොලිස් කොට්ටාශය තුලදි දකින්න බෑ.
ඒත් යමක් කරයි කියල අපි හිතමු .
මොකද එයා එයාගේ ෆේස් බුක් එකේ නිල ඇදුම රාජකාරිය ගැන එයාගේ ප්‍රතිපත්තිය ලියල තියෙනවා .
ඒ හින්ද අපි බලන් ඉමු.
හැබැයි ඉතින් එයා ආයේ හයේ පාරවල් ගහයි කියල නම් හිතන් ඉන්න එපා..මොකද එයාලට දිල තියෙන පිච් එකේ එයාට බැට් කරන්න අමාරුයි ..
බැට් කරන පිච් එක තියෙන්නේ මිගමුවේ ,කොච්චිකඩේ පැතිවල ..
ඒකට ඉතින් අරක් ගත්තු දෙවිවරු යක්කු ඉන්නව ඇතිවෙන්න .

එරික් පෙරේරා නව රාජකාරි අරඹයි..!

සීදුව ,කටුනායක , ගුවන්තොටුපල.. පුදේශ භාර සහකාර පොලිස් අධිකාරී ලෙස , නව කාර්යාලයේ රාජකාරි ආරම්භ කලා. රැකියාව කරන තුරැ නිල ඇදුම ඇගලන තුරැ මගේ පුතිපත්ති එලෙසම තියේවි. පාසලෙන් ආරම්භව , විශේෂ කාර්යය බලකායෙන් ඔප මටිටමි වු, ⁣ධෛර්යය නොනැසී පවතීවි.සුපුරුදු ,හුරැපුරැදු පරිදි රාජකාරි ඉදිරියට කරගෙන යාම අරමුණයි….. වෙන්නප්පුව රාජකාරි ආරම්භ කර මා කල ඉල්ලීම ,, පිලිගෙන සහාය දුන් මාගේ සියලු මිතුරන්ට.. මා හට ආදරය කරන මිතුරන්ට .. මා දැන නොදැන ශක්තිය .. සහාය දුන් සියල්ලටම ගෞරවය , ස්තුතිය පුද කරන්නවා.ඒ සැමගේ විශ්වාසය මතුවටත් රැකීම,, ඒකායන අරමුණයි . මා විශ්වාසය කල සෑම සියලු දෙනාටම.. මා සෑමදා ශක්තිමත් කරන ශා. ජෝශප් වාස් ආදි විදෙස් සහෝදරයන් ආදරයෙන් සිහිපත් කරනවා. මා නිසාම .. නිරන්තර පීඩා දරමින් මා ශක්තිමත් කරන ආදරණීය බිරිඳ ත්.. සිහිපත් කරන්නවා .
බුදු සරනයි/දෙවි පිහිටයි
මම මම මයි…
එරික් පෙරේරා ..
උපුටා ගැනීමකි.