ෆරිස් මන්ත්‍රිගේ කඩ මෙහෙයුම

0
153

මීගමුවේ තැබෑරුම් වත්ත නම් වු භූමිය කේන්ද්‍රකොට ගෙන පදික වේදිකාවේ වෙළදාම් කරන වෙළඳුන් සදහා ස්ථිර කඩ තනා දිමේ වැඩපිළිවෙලක් දියත්ව තිබේ. මෙහිදි නගරයේ අැතැම් ස්ථානවලින් ඉවත් කෙරුන වෙළදුන් සදහා මීගමුව දුම්රිය පලට යාබදව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භූමියක් මාස කිපයක් සදහා නගර සභාව විසින් බද්දට ගෙන එහි කඩ තනා ගැනිමට වෙළඳුන්ට ඉඩ ලබා දි ඇත.

මෙසේ පාරෙන් ඉවත් කරන්නට යෙදුන  පදික වෙළදුන්ට කඩ ලබාදිමේ වැඩපිළිවෙල භාර වි තිබුනේ පරිස් මන්ත්‍රිවරයාටය. දැනට වාර්ථා වන අන්දමට මේ කඩබෙදෙල්ලේ කටයුත්තේදි තමන් දන්නා කියන තවත් හිතවතුන්ගෙන්ද මුදල්ගෙන ඒ අයටද  කඩලබා දිමට කටයුතු කර ඇත.

මේ විශේෂ කඩ මෙහෙයුම් දැනට අනෙක් නාගරික මන්ත්‍රිවරුන් සහ වෙළඳ ප්‍රජාව අතර අද ප්‍රධාන මාතෘකාවක් බවට  පත්ව ඇත.