ෆොන් හොරු අල්ලගන්නේ මෙහෙමයි..??

0
321

phone-theftෆොන් එකක් නැතිවෙනවා කියන්නේ බරපතල පාඩුවක් . ඒ කියන්නේ නැතිවුණ ෆෝන් එකේ වටිනාකම නිසාම නෙමේ.එකේ කොයිතරම් අපට වැදගත් පුද්ගලික දේවල් තියෙනවද..වැදගත් දුරකථන අංක කියන්නේ ඒකේ එකක් විතරයි.
දැන් ගොඩක් අය  ඒ අයගේ වැදගත් සැමරුම් තමන්ගේ දුරකථනයේ තියෙන කැමරා ෆෝන් එකේ තමයි සටහන් කරගන්නේ.
මේ සියළු දේවල් එක් තැන් වෙච්ච ෆෝන් එකක් නැතිවෙනවා කියන්නේ කෙනෙක්ට දරාගන්න අමාරුම තමයි.
සමහරක් අය මේ ගැන දුක්වෙවි ඔෙහ් ඉන්නවා.
නමුත් නැතිවුණ ෆෝන් එක හොයාගන්න පුලුවන් ක්‍රමයක් දැන් තියෙනවා.
නිති ප්‍රකාරව නම් අපි කරන්න ඔනේ  නැතිවෙච්ච ෆෝන් එක ගැන පොලිසියේ පැමිණිල්ලක් දාන්න එක . එමි අංකය තියෙනවා නම් වැදගත්.මේ සියළු විස්තර සහිතව දාන පැමිණිල්ෙල් පිටපතක් පොලිසියෙන් අරගෙන ඒක ගිහින් විදුලි සංදේශ නියාමන කොමිසමට භාර දෙන්න ඕනේ.
දැන් වෙන්නේ මෙහෙමයි.
නැතිවෙච්ච ෆෝන් එක කව්රු හරි අරගෙන එකේ තියෙන සිම් එක අයින් කරල අලුතින් සිම් එකක් දාපු ගමන් ඒ සියලු විස්තර විදුලි සංදේශ නියාමන කොමිසමට දැනගන්න ලැබෙනවා.
ඊට පස්සේ ඒ විස්තර එයාල ලබාදෙන්නේ ආදාල ජංගම දුරකථන ජාලයට.
ඒ අය විසින් අදාල පොලිසියට ලබාදෙනවා
ඊට පස්සේ පොලිසිය ට ලැබුන ඒ තොරතුරු ඔස්සේ අදාල විමර්ශන කරල නැතිවුණ ෆෝන් එක හොයාගන්න කටයුතු කරනවා.