ෆෝට් සිටි අරගලය රුපියල් මිලියන 42 කකට පවා දුන්නේ කව්ද ?

0
40

මුහුදු වැලිෆෝට් සිටියට එරෙහිව වරක් මීගමුව තුල දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කෙරුණි.බස් රථ පමණක් නොව දුම්රියද නවතාලන්නට මේ විරෝධතාකරුවෝ පෙරමුණ ගත්තහ.
අධිකරණය විසින් තහනම් නියෝග පනවා තිබුණද කතෝලික පල්ලියේ ලෝගුවලට මුවාවි තහනම් නියෝගද නොතකමින් මහජනයාට මහත්වු හිරිහැරයක් කරමින් දින කිපයක් පුරාවට මේ විරෝධාවය පැවැති අතර පල්ලිය මෙන්ම වැල්ලවීදියේ  එක්තරා ධිවර සංවිධානයක්ද මේ සදහා මුලිකත්වය ගෙන තිබුණි.
මැරුණත් සටන පවා නොදෙන්නේ යැයි සපථ කළ නිසා දින ගණනාවක්ම  මුහුදු රැකියාවේද නොගොස් ධීවරයෝ මේ අරගලයට එක්ව සිටියහ.
මේ සියල්ල අවසන පල්ලිය මැදිහත්වි නාවික හමුදාව හා අදාල බලධාරින් සමගින් සාකච්ජා කොට වෙරළ තිරයේ සිට කි.මි. 10 ක් එහායින් වැලි හාරන්නේ නම් එකගතාවය පළකරමින් ධිවර සටන අවසන් කර තිබුණි.
තතු එසේව තිබියදි මෙම ෆෝට් විරෝධතාවයට මැදිහත්ව සිටි එක්තරා සංවිධානයක් විසින් ඊයේ ( ඔක් 25 ) දිනයේ ෆෝට් සිටි අරමුදල් වලින් රු මිලියන 42 ක මුදලක් ලබාගන්නට කටයුතු කර ඇතැයි වාර්ථා වේ.
රජයටත් ෆෝට් සිටියටත් සම්බන්ධ ප්‍රබල ඇමතිවරයෙකු හමුවේ තම කණ්ඩායම් වලට ප්‍රතිලාභ ලබාදෙන ලෙසට ඉල්ලිමක් ඉදිරිපත් කර තිබුණි.
මෙහි ප්‍රතිපලයක් ලෙසින් අද දිනයේ මීගමුවේදි අදාල ධිවර සංවිධානයට මේ මුදල් ලබාදිමට ධිවර අමාත්‍යංශය කටයුතු කර ඇතැයිද සැලය.
මේ අතර තේවත්ත බැසිලිකා දෙව්මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහාද චින රජය විසින් විශාල ආධායරක් ලබාදි ඇති බවද කියැවේ