‘මගේ කෙටිකතාවට පසුබිම් වුනේ කාන්තාවන් ලෙස අප මුහුණ දෙන ඉවරයක් නැති යුද්ධය ගැනයි,

0
437

රෆායිදීන් හසීන් උම්මාගේ දෙමව්පියෝ මීගමුවේ උපන් අය වෙති. හසීන් උම්මා කොට්ටරාමුල්ලේ උපත ලබා මීගමුවේ හැදී වැඞී පෙරියමුල්ල අල්හිලාල් මධ්‍ය  මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. ඉහළ පන්තිය ඉගෙනුම සඳහා කොළඹ  වුල්ෆැන්ඩෝල් බාලිකා විද්‍යාලයට ගොස් අ.පො.ස.(සා.පෙළ* සමත් වූවාය. ආරභම්යේ දී ගුවන් විදුලියේ මුස්ලීම් කාන්තා වැඩසටහන් වල නිරතවෙමින් හඬ දීමෙන් කවි, කතන්දර, රචනා පිටපත් ලිවීමෙන් දායක වී ඇත. තව දමිළ ස්වදේශ අංශයේ කාන්තා වැඩසටහන්හි නියැලූණාය.  දැනට නවමණි පත‍්‍රයට හා අල්හසනාත් වැනි ජාත්‍යන්තර සඟරාවට ද ලියමින් සිටින්නීය. රෆායිදීන් හසීන්  මීගමුවේ පළමු මුස්ලීම් සමාදාන විනිශ්චකාරියක් වන අතර  සමාජ සේවයේ නිරත වෙයි.

ඔබ සාහිත්‍ය කලා කටයුතු වල  ආරම්භය ?

මම මුලින්ම සම්බන්ධ වුණේ  ගුවන්විදුලි වැඩසටහන් වලට. 1966 දී පමණ. දෙමළ මාධ්‍යයෙන්. ‘ඔලිමංජරී’ දමිළ වැඩසටහනට තමයි මම මුලින්ම නිර්මාණ ඉදිරිපත් කළේ. ඒකේ කාන්තා වැඩසටහන් වලට මගේ නිර්මාණ  ඉදිරිපත් කළා. ඒ වගේම ‘මාදර් මදිලිස්’ මුස්ලිම් වැඩසටහනටත්, ‘ඉල්ලරජෝදී ’ වැටසටහන මෙන්ම අධ්‍යාපන සේවයටත්  මම නිර්මාණ, රචනා, කළා. ඒ වගේම මම ගුවන් විදුලි වැඩසටහන් වල  පිටපත් රචනය වගේම හඬ දීමත් කළා. ‘මාදර් මදිලිස්’ වැඩසටහනට මම සම්බන්ධ වුණේ 1984 දී පමණ. පසුව කාලයක් මම සාහිත්‍ය , කලා කටයුතු වලින් ඈත් වුණා, ජීවිතේ ලබන්නට සිදුවූ අවිවේකී හා විවිධ අත්දැකීම් නිසා.

පසුව මම නැවතත්  අල් හසනාත් සඟරාවට ලිව්වා. තිනකරන් පුවත්පතේ ‘වාර මංජරී ’ එකට මගේ කවි, නිර්මාණ පළකරනවා.

නවමනී පුවත්පතටත් මම සාහිත්‍ය නිර්මාණ ලියනවා.

 

රසිකයින් හෝ පාඨක ජනතාව අතරට ඔබව හඳුන්වාදුන්නේ කොහොම ද?

ස්වදේශීය සේවයේ දෙමළ අංශයේ ඉල්ලරජෝදී වැඩසටහනට  මම නිර්මාණ, කළේ හසීමා රෆයිදීන්,  නසීමා රහ්මාන් යන නම් වලින්. නවමනී පුවත්පතට මම ලියන්නේ  ‘ උම්මු ඉම්තියාස් ’ කියන නමින්.

 

මෙවර සාහිත්‍ය උත්සවයේදී ජයග‍්‍රහණ ලබා ඇති ඔබේ නිර්මාණ ගැන සිංහල පාඨකයින්ටත් යමක් පැවසුවහොත්?

මෙවර රාජ්‍ය සාහිත්‍ය,කලා, සංස්කෘතික උත්සවයේදී මා විසින් රචිත කාව්‍ය නිර්මාණයක් සහ කෙටි කතාවකට විවෘත අංශයෙන්  ප‍්‍රථම ස්ථානය හිමිවි තිබෙනවා.  කවියේ මාතෘකාව තමයි

‘‘අපේ රට හැදෙන්න, යහපත් දේ සිතන්න”  කෙටිකතාවේ මාතෘකාව තමයි – ” ඉවරයක් නැති යුද්ධය ”

එම කෙටිකතාව මම ලිව්වේ අවුරුදු 20කට උඩදී.  මෙවර සාහිත්‍ය තරගයට ඉදිරිපත් කළා,

කෙටිකතාවට පසුබිම් වූ තේමාව –

මෙම කෙටි කතාවට මා පදනම් කර ගත්තේ මුස්ලිම් කාන්තාව සිය ජීවිතය තුළදී අත්දකින අත්විඳින සංස්කෘතිමය,  සාමාජීය සීමාවන් සමඟ ඇය යටපත් කරන ඇගේම ආත්මීය විමුක්තිය පිළිබඳවයි. එය මෙබඳුයි. උදාහරණයක් ලෙස කිව්වොත් මම පොඩි කාලේ ඉ`දලා හොඳට ඉගෙන ගත්තා. නමුත් මගේ පියා කැමති වුණේ නෑ මම  රැුකියාවක් කරනවාට. ඒ  නිසා පසුකාලයේදී මගේ ජීවිතයට එය වාරුවක් වී අවශ්‍යතාවයක් වූ විට මට ඒ නිසා අපහසුතා විඳින්නට සිදුවුණා. අපේ ආගමේ තිබෙන විදිහට අධ්‍යාපනය ලැබීමට ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයිතිවාසිකමක් තිබෙනවා.  ඉපදුන දා ඉදලා තාත්තා කියනවා ඔයා ගෑණු ළමයෙක් ඔයා ඉන්ඩ  ඕනා මෙහෙමයි කියලා. පස්සේ, සහෝදරයා ඊළඟට ස්වාමියා කියනවා, ඊටත් පස්සේ පුතාලා. මේ සීමාවන් පැනවෙන්නේ අපේ ආරක්ෂාවට වුවත් අප ඒවාට ඇහුම්කන් දෙන්නේ ඔවුන්ට තිබෙන ගෞරවය නිසා වුවත් අප ඒ තුළින් අප සාමාජීය පසුබෑමකට, දුර්වලවීමකට ලක් වෙනවා. මගේ කෙටිකතාවට පසුබිම් වූයේ  කාන්තාවන් ලෙස අප මුහුණ දෙන මේ අවසානයක් නැති  සංස්කෘතිමය යුද්ධය ගැනයි.

 

ඔබ කතාකරන්නේ ඉස්ලාම් ධර්මය තුළ කාන්තාවට දී ඇති අයිතිවාසිකම් ගැන යි ?

ඔව්. අධ්‍යාපනයට මෙන්ම,  තමන්ගේ වෘත්තීය කටයුතු  කිරීමට, පවුලේ හෝ සහෝදරයින්ගේ වැඩකටයුතු වලට සහභාගී වීමට අපේ ආගමෙන් අපට නිදහසක් තිබෙනවා. අපේ බොහෝ කාන්තාවන් ඒ නිදහසින් නිසි ලෙස ප‍්‍රයෝජන ගන්නේ නෑ. ඒ ගැන ඉගෙන ගන්නේ නෑ. ඉගෙන ගන්ඩ අවස්තාව ලැබෙනකොට ඒවා අතහරිනවා. ඒ නිසා තමන්ගේ දරුවෝ හරි මාර්ගයට යොමු කරන්ඩ හැකියාව නැති වෙනවා.

 

ඔබේ නිර්මාණ කරන්නේ  කුමන අරමුණක් වෙනුවෙන් ද?

මගේ නිර්මාණ වලදී මම හිතනවා, සිංහල, මුස්ලිම්, දමිළ ජනතා අතර සමගිය ගැන. ඒ වෙනුවෙන් අපේ සාහිත්‍ය තුළින් යමක් කළ යුතුයි කියලා හිතනවා. අනිත් එක අපේ තරුණ පරපුරට නිවැරදි මාර්ගයට ගැනීමට අපට පුලූවන් දෙයක් කළ යුතුයි කයන එකයි මගේ හැඟීම.